Sunday, May 5, 2024

General line - 0115112241

පකිස්තානයේ ඉල්ලීම රුසියාව ප්‍රතික්ෂේප කරයි




රුසියාව විසින් පාකිස්තානයට බොරතෙල් සඳහා සියයට 30 සිට 40 දක්වා වට්ටමක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව “ද නිව්ස්"  වාර්තා  කර තිබෙනවා.

පකිස්තාන ඛනිජ තෙල් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මුසාඩික් මලික්ගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසක් පසුගියදා  මොස්කව්හි සංචාරය කර තිබුණේ අඩු මිලට බොරතෙල් ආනයනය කිරීම, ගෙවීමේ ක්‍රමය සහ නැව්ගත කිරීමේ පිරිවැය වැනි ගැටළු සාකච්ඡා කිරීමට යි.

එහිදී රුසියාව සදහන් කර ඇත්තේ පකිස්තානයට බොරතෙල් පිරිනැමිය හැක්කේ ඔවුන්ගේ විශාල සේවාදායක රටවලට සපයන මිලට බවයි.

කරච්චි සිට ලාහෝර් දක්වා ඉදි කිරීමට නියමිත රුසියානු පකිස්තාන ඒකාබද්ධ ස්ට්‍රීම් ගෑස් නල මාර්ගය ව්‍යාපෘතියට ප්‍රථමයෙන් කැපවෙන ලෙස රුසියාව පාකිස්තානයෙන් මෙහිදී  ඉල්ලා ඇති බව වැඩිදුරටත් සදහන්.