Tuesday, February 7, 2023

General line - 0115112241

ජැෆ්නා කිංග්ස් LPL පළමු තරගය ජය ගනී




2022 LPL ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී අද පැවැති පළමු තරගයේ ජය හිමිකර ගැනීමට පසුගිය වර ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත්වුණා. ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 24 කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 05 කදි සියලුදෙනා දැවී ලකුණු 137 ක් රැස් කිරීමට සමත්වුණා. දුනිත් වෙල්ලාලගේ පන්දු 20 කදී ලකුණු 30 ක් රැස්කළේ හතරේ පහර 04 ක්ද සමගයි.

ෂොයිබ් මලික් පන්දු 27 කදී ලකුණු 30 ක් රැස් කළා. පන්දු යැවීමේදී ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 08 කට කඩුළු 02 යි. ඉමාඩ් වසීම් ලකුණු 22 කට කඩුළු 02 ක් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.

කුසල් මෙන්ඩිස් පන්දු 43 කදී ලකුණු 51 ක් රැස් කළා. ඉමාඩ් වසීම් පන්දු 22 කදී ලකුණු 17 යි. පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු ලකුණු 22 කට කඩුළු 03 ක් දවා ගත්තා. විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 20 කට කඩුළු 02 යි. දුනිත් වෙල්ලාලගේ ලකුණු 14 කට එක් කඩුල්ලක් දවා ගත් අතර තරගයේ වීරයා ලෙස ද ඔහු සම්මාන හිමිකර ගත්තා.