Friday, March 29, 2024

General line - 0115112241

ෆ්ලෙචර් සහ වනිඳු, කැන්ඩි ෆැල්කන්ස්ට ජය ගෙනේ




2022 LPL ක්‍රිකට් තරගාවලියේ කළම්බු ස්ටාර්ස් කණ්ඩායම සමඟ පැවති තරඟය ලකුණු 109 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ එක් කඬුල්ලක් පමණක් දැවී ලකුණු 199 ක් රැස් කළා.

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ අන්ඩි්‍ර ෆ්ලැචර් නොදැවී ලකුණු 102 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු 67 කට මුහුණදුන් ඔහුගේ ඉණිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් ඇතුලත්.

පැතුම් නිස්සංක පන්දු 41 කදී ලකුණු 71 යි.


ජයග්‍රාහී ලකුණු 200 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායමට පන්දු වාර 14 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 90 ක් පමණයි.

නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 26 යි.

වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු විසිතුනේ සීමාව ඉක්මවා යාමට හැකිවුණේ නැහැ.

පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 14 කට කඬුලු 03 ක් බිඳහෙලුවා.

අන්ඩි්‍ර ෆ්ලැචර් තරඟයේ වීරයා සම්මානය දිනාගත්තා.