Friday, April 26, 2024

General line - 0115112241

බංග්ලාදේශය හමුවේ ඉන්දියාවට අමිහිරි පරාජයක්




බංග්ලාදේශ කණ්ඩායම හමුවේ අමිහිරි එක්දින තරඟ පරාජයකට මුහුණදීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සිදුව තිබෙනවා.

ඒ, දෙරට අතර පැවති තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් ඉන්දියාව ලකුණු 05 කින් පරාජයට පත්වීමත් සමඟයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 දී ලකුණු 271 ක් රැස් කළා.

අටවන පිතිකරුවා ලෙස පිටියට පිවිසි මෙහිදි හසන් මිරාස් පන්දු 83 කදී නොදැවී ලකුණු 100 ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 50 දී රැස් කර ගැනීමට හැකිවූයේ කඬුලු 09 කට ලකුණු 266 ක් පමණයි.

ආබාධයකට ලක්වූ රෝහිත් ශර්මා අංක 09 පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 28කදී නොදැවී ලකුණු 51 ක් රැස්කළද එය ඉන්දිය ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.