Sunday, May 5, 2024

General line - 0115112241

තලේබාන්ලා ගුවන් විදුලි නාලිකා දෙකක් තහනම් කරයි




තලේබාන් සංවිධානය විසින් වොයිස් ඔෆ් ඇමරිකා (VOA) සහ නිදහස් යුරෝපා ගුවන්විදුලි/ රේඩියෝ ලිබර්ටි (RFE/RL) යන ගුවන්විදුලි නාලිකා ඇෆ්ගනිස්තානය  තුල විකාශනය තහනම් කර තිබෙනවා.

ඒ, ඒවා ඔවුන්ගේ මාධ්‍ය මූලධර්මවලට අනුකූල නොවන  බව පවසමින්.

 ඇෆ්ගනිස්ථාන පරිපාලනයේ තොරතුරු හා සංස්කෘතික අමාත්‍යාංශයේ විකාශන කටයුතු අධීක්ෂණය කරන අබ්දුල් හක් හම්මාඩ් ට්විටර් හරහා පවසා ඇත්තේ ඇමරිකානු ආක්‍රමණයෙන් පසු විකාශනය ආරම්භ කළ රේඩියෝ නිදහස් යුරෝපා ගුවන්විදුලි/ රේඩියෝ ලිබර්ටි මාධ්‍ය  මූලධර්ම වලට අනුකූල නොවීම හේතුවෙන් නතර කරන ලද බවයි.

ඊට අනුව, ඇෆ්ගනිස්ථානයේ පළාත් 13 ක රේඩියෝ නිදහස් යුරෝපා ගුවන්විදුලි/ රේඩියෝ ලිබර්ටි විකාශන තහනම් කර තිබෙනවා. 

මේ අතර, වොයිස් ඔෆ් ඇමරිකා වාර්තා කළේ ඇෆ්ගනිස්ථාන තොරතුරු හා සංස්කෘතික අමාත්‍යාංශයේ නව නියෝගයක් මඟින් දෙසැම්බර් 1 සිට ක්‍රියාත්මක වන පරිදි තම විකාශන තහනම් කර ඇති බවයි.

මේ අතර තලේබාන් බලධාරීන් ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවලට එරෙහි ඔවුන්ගේ දැඩි මර්දනය නතර කළ යුතු බවත්  ගුවන්විදුලි සම්ප්‍රේෂණ නැවත ස්ථාපිත කළ යුතු බව මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික කමිටුව පවසනවා.