Sunday, May 5, 2024

General line - 0115112241

චීනයට එරෙහිව ඇමරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක්




චීනයේ දැඩි කෝවිඩ් ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් සහ දේශපාලන වෙනසක් ඉල්ලමින් පැවත්වෙන විරෝධතා සඳහා සහය දැක්වීමක් ලෙස 200 ක  පමණ පිරිසක් ඉටිපන්දම් දල්වා “චීනය නිදහස් කරන්න” යනුවෙන් හඩ නගමින්  ඇමරිකානු ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයේ ආසන්නයේ පා ගමනක් පවත්වා තිබෙනවා.

ෆ්‍රීඩම් ප්ලාසා හි දී විරෝධතාකරුවන් ජනාධිපති ෂී ජින්පින්ට සහ පාලක කොමියුනිස්ට් පක්ෂයට බලය අත්හරින ලෙස බල කරමින් විරෝධතා  පුවරු ඔසවාගෙන සිටි බවද විදෙස් වාර්තාවල සදහන්.

නොවැම්බර් 25 වන දින චීනයේ වයඹ දෙසින් පිහිටි උරුම්ඛි නගරයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මිය යාමෙන් පසුව එරට තුළ විරෝධතා පැන නැගුණා.

 මිලියන සංඛ්‍යාත ජනතාවක් ඔවුන්ගේ නිවෙස්වලට සීමා කරන කොවිඩ් සීමා කිරීම් සමඟ මහජන කලකිරීම විරෝධතා සඳහා හේතුවූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

උයිගර්, ටිබෙට් සහ චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂ විරෝධී චීන ජාතිකයන් ඇමරිකාවේ පැවති විරෝධතා සදහා එක්ව සිටි බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.