Saturday, April 27, 2024

General line - 0115112241

පාපන්දු පිටියට සමුදෙන රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්




මොරොක්කෝව සමග ඊයේ පැවැති තරගයෙන් අනතුරුව ලෝක කුසලාන පාපන්දු පිටියට සමුදුන් පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක වාර්තාවක් සම කිරීම සමත්වුණා. ඒ, ජාත්‍යන්තර පා පන්දු සම්මේලනයේ වාර්තාවන්ට අනුව වැඩිම පාපන්දු තරග සංඛ්‍යාවකට සහභාගී වීමේ ලෝක වාර්තාවයි.

ඊයේ පැවැති තරගයත් සමග ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, සහභාගී වූ ජාත්‍යන්තර පාපන්දු තරග සංඛ්‍යාව 196 ක්. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ කුවේටයේ පා පන්දු ක්‍රීඩක බඩේර් අල් මුටාවායි. 

මේ අතර පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන 14 වනදා සහ 15 වනදා පැවැත්වීමට නියමිතයි. ඉන් පළමු තරගය දෙසැම්බර් 14 වනදා ආජන්ටිනාව සහ ක්‍රොඒෂියාව අතර පැවැත්වෙනවා. දෙවන තරගය පැවැත්වෙන්නේ ප්‍රංශය සහ මොරොක්කෝව අතරයි.

මෙම තරග දෙකෙන් ජයගන්නා කණ්ඩායම් 02 එළඹෙන 18 වනදා පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පා පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

මේ, ඒ පිළිබඳ වාර්තාව ගෙන එන්නේ ලෝක කුසලාන බිමේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත මෙනුක අබේසේකර.