Friday, April 19, 2024

General line - 0115112241

කැන්ඩි ෆැල්කන්ස් පිලට චාමික ජය ගෙන දෙයි




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුළු 03 කින් පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 147 ක් රැස් කළා. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 26 කදී ලකුණු 31 යි. 
පන්දු යැවීමේදී වනිඳු හසරංග ඉසුරු උදාන සහ ෆේබියන් ඇලන් කඩුළු 02 බැගින් දවා ගත්තා.

ලකුණු 148 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියා. අශේන් බණ්ඩාර පන්දු 39 කදී ලකුණු 44 යි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ චාමික කරුණාරත්න පන්දු 16 කදී හයේ පහර 02 ක් සහ හතරේ පහර 02 ක් සමගින නොදැවී ලකුණු 26 ක් රැස් කළා.

දුනිත් වෙල්ලාලගේ කඩුළු 02 ක් දවා ගත්තා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනුවේ චාමික කරුණාරත්නයි.