Saturday, April 27, 2024

General line - 0115112241

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 25 ක ජයක්




එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 25 ක ජයක් ලබාගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තීරණය කළේ පන්දුවට පහරදීමටයි. ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 174 ක් රැස් කළා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩක ලහිරු උදාර පන්දු 30 කදී හතරේ පහර 05 ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස් කළා. නායක කුසල් මෙන්ඩිස් පන්දු 27 කදී ලකුණු 39 යි. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ කඩුළු 02 ක් දවා ගත්තා.

ලකුණු 175 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 149 ක් පමණයි.

නිරෝෂන් දික්වැල්ල පන්දු 44 කදී නොදැවී ලකුණු 58 ක් රැස් කළා. ඊට හතරේ පහර 08 ක් ඇතුළත්. රවී බොපාරා පන්දු 35 කදී ලකුණු 46 යි. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප්, වහබ් රියාස් සහ ඉෆ්තිකර් අහමඩ් කඩුළු 02 බැගින් දවා ගත්තා. 

මේ අතර ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල ඕරා කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 07 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.