Thursday, April 25, 2024

General line - 0115112241

දඹුල්ලට එරෙහිව යාපනයෙන් වාර්තාගත ජයක්




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකදී දඹුල්ල ඕරා කණ්ඩාය පරාජය කරමින් වාර්තාගත ජයග්‍රහණයක් අත්කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 240ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. එය එල් පී එල් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක්වුණේ.

රහමනුල්ලා ගුර්බාස් පන්දු 35කදී ලකුණු 73 ක් රැස් කළේ හතරේ පහර 7 ක් සහ හයේ පහර 5 ක් සමගයි. ඔහුට අනගි සහයක් ලබාදුන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 30කදි ලකුණු 54 ක් රැස් කළා. සදීර සමරවික්‍රම පන්දු 22කදී නොදැවී ලකුණු 38 යි. පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 56කට කඩුලු 2 ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ඕරා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 189 ක් පමණයි. දසුන් ශානක පන්දු 23කදී ලකුණු 44ක් රැස් කළා. ඒ, හතරේ පහර 4ක් සහ හයේ පහර 3 ක් සමගයි.

භානුක රාජපක්‍ෂ පන්දු 31කදී ලකුණු 38යි. පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු ලකුණු 22කට කඩුලු 4ක් දවාගත්තා. සුමින්ද ලක්‍ෂාන් ලකුණු 50ට කඩුළු 2යි.

ඒ අනුව මෙම තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ජයගත්තේ ලකුණු 51 කින්. තරගයේ වීරයා ලෙස රහමනුල්ලා ගුර්බාස් සම්මාන හිමිකර ගත්තා.