Friday, April 26, 2024

General line - 0115112241

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට තියුණු ජයක්




එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවැති තරගයකින් තියුණු ජයක් අත්කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණා. ඒ, කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ලකුණු 06 කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05 ක් දැවී ලකුණු 178 ක් රැස් කිරීමට සමත්වුණා. ෂොයිබ් මලික් පන්දු 26 කදී නොදැවී ලකුණු 35 යි. සදීර සමරවික්‍රම පන්දු 25 කදී ලකුණු 32 ක් රැස් කළා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 08 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 172 ක් පමණයි.

නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38 කදී නොදැවී ලකුණු 73 ක් රැස් කළ ද එය තරගයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ. මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 08 ක් සහ හයේ පහර 03 ක් ඇතුළත් වුණා. බෙනී හොවෙල් පන්දු 20 කදි ලකුණු 43 ක් රැස් කළා.