Friday, May 10, 2024

General line - 0115112241

පකිස්තාන වැසියන් අඩක්ම රට ගැන කණස්සල්ලෙන්




පකිස්තාන වැසියන්ගෙන් හරි අඩක් පමණ රට තුළ පවතින තත්වය සම්බන්ධයෙන් කලකිරීමෙන් සිටින බව නවතම මත විමසුමක් අනාවරණ කරනවා.

මත විමසුම සිදු කළ IPSOS සමීක්ෂණ ආයතනය පවසන්නේ පවතින තත්ත්වය අනුව පකිස්තානු වැසියන් වැඩිවෙමින් පවතින උද්ධමනය සම්බන්ධයෙන් දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවයි.

මතවිමසුමට අනුව ඊට සහභාගී වූ පිරිසෙන් සියයට 49 කට අධික පිරිසක් පවසා ඇත්තේ රට තුළ පවතින අධි උද්ධමනය තත්ත්වය ඔවුන්ට දැඩි කණස්සල්ලක් ගෙන දෙන කරුණක් බවයි.

රට තුළ පවතින විරැකියාව සියයට 18 ක පමණ පිරිසකට හිසරදයක් ගෙන දෙන ගැටළුවක් වී තිබෙනවා.

සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් සියයට 9ක පමණ පිරිසක් පවසා ඇත්තේ දරිද්‍රතාවය තමන් මුහුණ පා සිටින ප්‍රධාන ගැටළුව බවයි.

එමෙන්ම සමීක්ෂණට සහභාගී වූ බොහෝ පිරිසක් රටතුළ පවතින විදුලි අර්බුදයෙන් සහ ගංවතුරෙන් එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් කලකිරීමෙන් පසුවනවා.

ඊට අමතරව රට තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටළු, රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව, රුපියලේ කඩාවැටීම, ත්‍රස්තවාදය  හා නීති පද්ධතියේ පවතින අඩුපාඩු පකිස්තාන වැසියන් තුළ කනස්සල්ලට පත් කිරීමට හේතු වී ඇතැයි අදාළ සමීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.