Friday, May 10, 2024

General line - 0115112241

පොල්ගහවෙල - කෑගල්ල දුම්රිය හරස් මාර්ගය අද සිට දින 03ක් වසා දැමෙයි




අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසළ පිහිටි පොල්ගහවෙල - කෑගල්ල දුම්රිය හරස් මාර්ගය අද පෙරවරු හතේ සිට දින කිහිපයක් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

යළි එම දුම්රිය හරස් මාර්ගය වාහන සඳහා විවෘත කෙරෙන්නේ 18 වනදා පස්වරු හයෙන් පසුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසූවේ.

අදාළ හරස් මාර්ගය වසා තැබෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.