Tuesday, April 23, 2024

General line - 0115112241

අප්‍රිකානු සිහින බොදකර ප්‍රංශය පාපන්දු අවසන් තරඟයට




පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරඟයට ප්‍රංශය, ඊයේ රාත්‍රියේ සුදුසුකම් ලබා ගත්තා. ඒ, දෙවන අවසන් පූර්ව තරඟයේ දී මොරොක්කෝව ගෝල දෙකට බිංදුවක් ලෙස පරාජයට පත් කරමින්.

මෙවර තරඟාවලියේ පෙරළිකාර කණ්ඩායමක් වූ මොරොක්කෝව මෙම තරඟයට එක් වූයේ පාපන්දු ලෝක කුසලානයක අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ පළමු අප්‍රිකානු කණ්ඩායම වීමේ අරමුණින්. එහෙත් ප්‍රංශ ක්‍රීඩකයින් එම සිහිනයට තරඟයේ පස්වන විනාඩියේ සිටම අභියෝග කළා.

කෙසේ වෙතත් සිය උත්සහය අත නොහැරි මොරොක්කෝව ගෝල රැස් කිරීමට උත්සහ දැරුවද එම උත්සහයන් සාර්ථක කර ගැනීමට ප්‍රංශ ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ. ලෝකයේම අවධානය දිනූ ප්‍රංශ - මොරොක්කෝ මෙම තරඟය නැරඹීම සඳහා 68,294ක ප්‍රේක්ෂකයින් පිරිසක් සහභාගී වී සිටියා.

වත්මන් ලෝක ශූරයින් ද වන ප්‍රංශය, පාපන්දු ලෝක කුසලානයක අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබූ පිට පිට දෙවන අවස්ථාව මෙයයි. ඒ අනුව ලබන ඉරිදා පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේ දී ප්‍රංශය සහ ආජන්ටිනාව එකිනෙකා මුණ ගැසෙනු ඇති.