Tuesday, April 30, 2024

General line - 0115112241

LPL තරඟාවලියේ දී කොළඹ කණ්ඩායමෙන් සුපිරි ජයක්




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සුපිරිම ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් වුණා. ඒ දඹුල්ල කණ්ඩායම කඩුලු නවයකින් පරාජයට පත් කරමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 89 ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත ලකුණු 22කට කඩුලු 5ක් බිඳ හෙළුවා.

දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුලු 7, පළමු පන්දුවාර 6 තුළ බිඳ වැටීම විශේෂත්වයක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම පන්දුවාර 11 යි පන්දු 3ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.