Wednesday, May 8, 2024

General line - 0115112241

වසර 60කට පසු ප්‍රංශයෙන් පාපන්දු ලෝක වාර්තාවක් 




පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ නව වාර්තාවක් බිහි කිරීමට ප්‍රබල ප්‍රංශය සමත් වී තිබෙනවා.

ඒ වසර 60කට පසු පිට පිට දෙවරක් ලෝක කුසලානයක අවසන් මහා තරඟයට පිවිසි පළමු කණ්ඩායම බවට පත් වෙමින්.

මීට පෙර 1958 දී සහ 1962 දී බ්‍රසීලය පිට පිට දෙවරක් ලෝක කුසලානයක අවසන් මහා තරඟයට පිවිස තිබෙනවා.

ප්‍රංශය 2018 වසරේ පැවති තරඟාවලියේ ශූරයින් බවට පත් වූ අතර මෙවර ද ඔවුන් අවසන් මහා තරඟයෙන් සුදුසුකම් ලැබුවේ ඊයේ පැවති තරඟයේ දී මොරොක්කෝව පරාජයට පත් කරමින්.

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ උණුසුම පිළිබඳ මෙම වාර්තාව පාපන්දු ලෝක කුසලාන බිමේ රැදී සිටින නෙත් විශේෂ නියෝජිත මෙනුක අබේසේකර ගෙන්, 


මේ අතර මෙවර අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා සිටින ප්‍රංශ කණ්ඩායමේ පුහුණුකරු, 1998 දී ප්‍රංශයේ පාපන්දු ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායකයා වීමද විශේෂත්වයක්.

ඒ අනුව ඔහුට දෙවරක් පාපන්දු ලෝක කුසලානයක් ප්‍රංශයට දිනා දීමට දායක වීමේ අවස්ථාවද උදා වී තිබෙනවා.