Friday, May 17, 2024

General line - 0115112241

වනිදුට සහ භානුකට පාකිස්තානයෙන් සල්ලි මල්ලක්




ලබන වසරේ පැවැත්වීමට නියමිත පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන ක්‍රීඩකයින්ගේ වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු තෝරාගෙන තිබෙනවා.

එම ක්‍රීඩකයින් වන්නේ වනිදු හසරග සහ භානුක රාජපක්ෂයි. වනිදු “ක්වෙටාර් ග්ලැඩියේටර්ස්” කණ්ඩායමටත් භානුක රාජපක්ෂ “පේෂාවර් ෂල්මි” කණ්ඩායමටත් තෝරාගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. 

මෙවර පාකිස්තාන සුපර්ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට තෝරාගත් පළමු විදෙස් ක්‍රීඩකයා වන්නේ වනිදු හසරංගයි. කෙසේවෙතත් ඔවුන්ට හිමිවන මිල ගණන් සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුව නැහැ.

බොහෝදුරට මෙම ක්‍රීඩකයින්ට රුපියල් මිලියන 94 යි දශම 6 ක මුදලක් හිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ. පාකිස්තාන සුපර්ලීග් ක්‍රිකට් තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ අටවන වරටයි.