Tuesday, May 7, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවේදී ක්‍රිකට් කණ්ඩායමක් ලකුණු 15 කට දැවී ගොස් ලෝක වාර්තාවක්




ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේදී ක්‍රිකට් පිටියේ අපූරු සිදුවීමක් අද වාර්තා වුණා. ඒ, අද පැවති තරඟයකට එක්වූ කණ්ඩායමක් ලකුණු 15 කට දැවී යාමයි.

මෙම ඉනිම සැලකෙන්නේ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මෙම තරඟය පැවැත්වුණේ ඇඩිලේඩ් සහ සිඩ්නි කණ්ඩායම් අතරයි. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇඩිලේඩ් කණ්ඩායම ලකුණු 139 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 05 යි පන්දු 05කදී ලකුණු 15 කට දැවී ගියා. 

මෙම කණ්ඩායමට ලොව ප්‍රභල ක්‍රීඩකයින් වන එංගලන්තයේ ඇලෙක්ස් හේල්ස්, දකුණු අප්‍රිකාවේ රයිලි රොසෝව් සහ ඔස්ටේ්‍රලියාවේ ඩැනියල් සෑම්ස් ද ඇතුලත්ව සිටීම විශේෂත්වයක්. පන්දු යැවීමේදී ඇඩිලේඩ් කණ්ඩායමේ හෙන්ඩි්‍ර තෝට්න් ලකුණු 03 කට කඬුලු 05 ක් බිඳ හෙලුවා.