වාර්තා පොත් අලුත් කරමින් 2022 පා පන්දු ලෝක කුසලානය ආජන්ටිනාවට රැගෙන ගිය සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී, තවත් වාර්තාවකට හිමිකම් කියා තිබෙනවා.
ඒ, ක්‍රීඩා ඉතිහාසය තුළ මෙතෙක් ක්‍රීඩකයෙකු විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට ඇතුළත් කර තිබූ ඡායාරූපයක් සඳහා වැඩිම පරිශීලකයින් පිරිසකගේ කැමැත්ත පළවූ ඡායාරූපයට හිමිකම් කියමින්. මෙතෙක් එම වාර්තාවට හිමිකම් කියා තිබුණේ පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝයි.
එහෙත් ඉකුත් දා පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජයගනිමින් පාපන්දු ලෝක කුසලානය අතැතිව ලියෝනල් මෙසී සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක් කර තිබූ ඡායාරූපයක් සඳහා ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයින් මිලියන 54 කට අධික පිරිසක් කැමැත්ත පළ කර තිබෙනවා.
මේ අතර ලියෝනල් මෙසීගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක්ව ඇති පරිශීලකයින් ගණන ද මේවනවිට මිලියන 400 ක් ඉක්මවා තිබෙනවා.