Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවකගෙන් කඬුලු ත්‍රිත්වයක්




ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කඬුලු ත්‍රිත්වයක් ලබාගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ හෙදර් ග්‍රෑම් සමත්වී තිබෙනවා. ඒ, ඉන්දියාව සමඟ පැවති පස්වන සහ අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟයේදීයි. 

තරඟයේ දොළොස්වන පන්දුවාරයේ පස්වන සහ 06 වන පන්දුවලදී ඇය විසින් පළමු කඬුලු දෙක දවාගත්තා. ඉන් අනතුරුව හෙදර් ග්‍රෑම් 19 වන පන්දුවාරයේ යැවූ පළමු පන්දුවේදී අනෙක් කඬුල්ල දවාගනිමින් සිය කඬුලු ත්‍රිත්වය සම්පූර්ණ කළා. එම පන්දුවාරයේ අවසන් පන්දුවේදීද කඬුල්ලක් දවා ගැනීමට ඇය සමත්වූ අතර තරඟයේ තමන්ට හිමිවූ පන්දුවාර දෙක තුළ හෙදර් ග්‍රෑම් ලකුණු 08 ක් තුළ බිද හෙලූ මුලු කඩුලු සංඛ්‍යාව 04 ක්.


තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සංචාරක ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඬුල 04 ක් පමණක් දැවී ලකුණු 196 ක් රැස් කළා. ජයග්‍රාහී ලකුණු 197 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රැස් කිරීමට හැකිවූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 142 ක් පමණයි. 

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම එම තරඟය ලකුණු 54 කින් ජයගනු ලැබුවා. තරඟ 05 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය 4 ට බිංදුවක් ලෙස ජයගනු ලැබුවේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි.