Monday, April 29, 2024

General line - 0115112241

දෙවරක් අනුශූරයින් වූ ගාල්ල LPL තරඟාවලියෙන් ඉවතට




මෙතෙක් පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලි අදියර දෙකේම අනුශූරයින් වූ ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම, මෙවර තරඟාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට තබා තිබූ බලාපොරොත්තු ඊයේ රාත්‍රියේ ගිලිහී ගියා. ඒ, කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් වීමත් සමඟයි. 

ඊයේ රාත්‍රියේ පැවැති තරඟය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 18කට සීමා කෙරුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායමට නියමිත පන්දුවාර 18දී කඩුලු 9කට රැස් කර ගත හැකි වූයේ ලකුණු 108ක් පමණයි.

ගාල්ල කණ්ඩායමේ එකම ගැලවුම්කරු වූ සහන් ආරච්චිගේ පන්දු 31කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමඟ ලකූණු 53ක් රැස් කළා. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත නියමිත පන්දුවාර හතරේදී ලකුණු 9කට කඩුලු 2ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 5කදී කඩුලු 3ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ඊයේ පැවති පළමු තරඟයේ දී නුවර කණ්ඩායම පරාජය කළ යාපනය කණ්ඩායම ඍජුවම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව ඔවුන් ඛඡඛ තරඟ ඉතිහාසයේ මෙතෙක් පැවති අදියර තුනේදීම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

යාපනය කණ්ඩායම සමඟ අවසන් තරඟයට සුදුසුකම් ලබන කණ්ඩායම තෝරා ගැනීමේ තීරණාත්මක තරඟය කොළඹ සහ නුවර කණ්ඩායම් අතර අද පැවැත්වීමට නියමිතයි.