Tuesday, March 19, 2024

General line - 0115112241

Dialog සහ Nonvoice එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම 5G-Ready Gaming, අධ්‍යාපනික හා විනෝදාස්වාදය සඳහා Metaverse මාධ්‍යයක් හඳුන්වාදෙයි




ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම Nonvoice LLC සමග සහයෝගීතාවයෙන්, ශ්‍රී ලාංකිකයින්ට Augmented Reality (AR) සහ Virtual Reality (VR) අත්දැකීමක් සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රථම 5G Ready Gaming, අධ්‍යාපනික හා විනෝදාස්වාද Metaverse මාධ්‍ය හඳුන්වාදීමට කටයුතු කරන ලදී.

ඩයලොග් විසින් බලගන්වන Nonvoice Metaverse හරහා සෑම මසකම නොමිලේ NFT (Non-fungible Token) ලබාගැනීමට අවස්ථාව මෙන්ම, මසකට රු.289 ක් + බදු මිලකට Metaverse Apps 10කට ප්‍රවේශවීමට ඉඩ සලසයි. 

එහි දී පාරිභෝගිකයන්ට games, වැඩිදියුණු කළ Esports සහ උසස් ඉගෙනුම් අත්දැකීම්ක් සඳහා අවස්ථාව ලැබේ. ඊට ඇතුළත් Apps ලෙස අධ්‍යාපනය ලැබිය හැකි ලොව විශාලතම 3D/AR පුස්තකාලය වන Bookfull, AR වලින් භාෂා කුසලතාවය වැඩිදියුණු කිරීමට අවස්ථාව සලසන LearnX මෙන්ම මිතුරන් සමඟ AR තාක්ෂනය සමගින් හොකී ක්‍රීඩා කළ හැකි SCOAAR, ලොව සොකර් ක්‍රීඩා සමාජ සමඟ එක්විය හැකි World League Live Soccer, InvadARsX නමැති AR අභ්‍යවකාශ යානා සම්බන්ධ Game එකක් ඇතුළු තවත් Game රැසක් මීට අන්තර්ගත කර ඇත. Dialog විසින් සියලුම නව ග්‍රාහකයින්ට දෙසැම්බර් 31 දක්වා Nonvoice Metaverse නොමිලේ අත්හදා බැලීමේ කාල සීමාවක් ලබා දී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය.

“‘අනාගතය අදයි’ යන අපගේ තේමාවට අනුව Nonvoice LLC සමඟ ඇතිකරගත් සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ පළමු 5G-ready AR සහ VR සහිත Gaming, අධ්‍යාපනික හා විනෝදාස්වාදයෙන් පිරි මෙම මාධ්‍ය අපි හඳුන්වා දෙන්නේ ඉමහත් ආඩම්බරයෙන්. 

දකුණු ආසියාවේ පළමු වරට 5G අත්හදා බැලීමේ ජාලයක් හඳුන්වා දුන් අපි එතැන් පටන්ම අපගේ ජාල හැකියාව සහ තාක්ෂණය පුළුල්ව ස්ථාපිත කරමින් නවෝත්පාදනයෙන් යුත් යුගයක් නිර්මාණය කරන්නට උත්සාහ කළා.ඩයලොග් විසින් බලගන්වන ලද Nonvoice Metaverse, ඒ උත්සාහය තවදුරටත් තහවුරු කරනවා. එමගින් අපගේ පාරිභෝගිකයන්ට කිසිදා අත් නොවිඳි තාක්ෂණයක් නව මුහුණුවරකින් ලබාගන්න පුළුවන් වෙනවා.”

වැඩි විස්තර සඳහා හෝ සේවාව ලබාගැනීමට dialog.nonvoice.com වෙත පිවිස, ඔබේ ඩයලොග් මොබයිල් අංකයෙන් ලියාපදිංචි වන්න.