Wednesday, May 15, 2024

General line - 0115112241

තියුණු සටනකින් කොළඹ පළමු වරට LPL අවසන් තරඟයට




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසකම් ලැබීමට කළම්බු ස්ටාර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, මෙවර තරඟාවලියේ කැපී පෙනෙනෙ දක්ෂතා දැක්වූ කැන්ඩි ෆොල්කන්ස් කණ්ඩායම පරාජයට පත්කරමින්. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ කළම්බු ස්ටාර්ස් කණ්ඩායම අවසන් මහා තරඟයකට පිවිසි පළමු අවස්ථාව මෙයයි. 

මෙවර තරඟාවලියේ පෙරළිකාරයින්වූ මහනුවර කණ්ඩායම මූලික වටයේ සහභාගි වූ තරඟ 08 න් තරඟ 07 ක්ම ජයගෙන ඊයේ තරඟයට එක්වුණා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මහනුවර කන්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඬුලු 06 කට ලකුණු 168 ක් රැස් කළා.

නායක වනිදු හසරංග හයේ පහර 03 ක් සහ හතරේ පහර 08 ක් සමඟ පන්දු 34 කදී නොදැවී ලකුණු 77 ක් රැස් කිරීමට සමත් වුණා. අශේන් බණ්ඩාර ලකුණු 40 යි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ කසුන් රාජිත ලකුණු 20 කට කඬුලු 04 ක් බිද හෙලුවා.

ලකුණු 169 ක ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවි සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

ජයග්‍රහණයේ නියමුවාවූ චරිත් අසලංක හයේ පහර 03 ක් සහ හතරේ පහර 07 ක් සමඟ පන්දු 40කදී ලකුණු 64 ක් රැස්කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 38 යි.

පන්දු යැවීමේදී කමිදු මෙන්ඩිස් ලකුණු 26 කට කඩුලු 02 ක් දවා ගත්තා. තරඟයේ වීරයා සම්මානය හිමිවූයේ කසුන් රාජිතටයි. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය යාපනය සහ කොළඹ කණ්ඩායම අතර අද රාත්‍රියේ පැවැත්වෙනවා.