Wednesday, May 15, 2024

General line - 0115112241

එංගලන්ත ක්‍රීඩකයින් ඉන්දියාවෙන් කෝටි 55 ක් රැගෙන යයි




2023 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට සිදුවනවා. මෙවර එහි විශේෂත්වය වූයේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් ඉන්දීය රුපියල් කෝටි 18.5 කට හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අලෙවි වීමයි. එය අයිපීඑල් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට හිමිවූ ඉහළම මුදල වනවා. සෑම් කරන් මිලදී ගත්තේ පංජාබ් කින්ග්ස් කණ්ඩායමයි. 

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ තවත් විශේෂත්වයක් වූයේ එංගලන්ත ක්‍රීඩකයින් රැසක් ඉහළ මිල ගණන්වලට වෙන්දේසි වීමයි. ඒ අතරින් ඉන්දිය රුපියල් කෝටී 16 යි දශම 2 යි 5 ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 1 යි දශම 9 යි 8 කට බෙන්ස් ස්ටොක් අලෙවිවූ අතර නවක ක්‍රීඩක හැරී බෲක් මිලදී ගත්තේ ඉන්දිය රුපියල් කෝටි 13 යි දශම 2 යි 5 ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 1 යි දශම 6 යි 1 කටයි.

ආසන්න වශයෙන් එංගලන්ත ක්‍රීඩකයින් සඳහා පමණක් මෙවර අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දිය රුපියල් මිලියන 55 කට අදික මුදලක් හිමිවීම විශේෂත්වයක්. එමෙන්ම ඔස්ටේ්‍රලියානු නවක ක්‍රීඩක කැමරන් ග්‍රින් ඉන්දියානු රුපියල් කෝටි 17 යි දශම 5 කට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදී ගත්තා.

මේ අතර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන දසුන් ශානක, කුසල් මෙන්ඩිස් හා දුෂ්මන්ත චමීර කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.