Wednesday, May 15, 2024

General line - 0115112241

සියවන ටෙස්ට් තරගයේදී වෝනර්ගෙන් ද්විත්ව ශතකයක්




තමන් සහභාගී වන සියවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද්විත්ව ශතකයක් රැස් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් අද සමත්වුණා. ඒ, සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි. 

මෙල්බර්න්හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 03 ක් දැවී ලකුණු 386 ක් රැස් කර සිටියා. ස්ටීව් ස්මිත් ලකුණු 85 යි. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 189 ක් පමණයි. ඒ අනුව මේවනවිට ඕස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 197 ක් ඉදිරියෙන් සිටිනවා.