Wednesday, May 15, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවට එරෙහි 02 වන ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියාව ප්‍රබල ස්ථානයක 




සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට කඬුලු 06 ක් දැවී ලකුණු 432 ක් රැස්කරගෙන සිටිනවා. 

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් රැස්කළ ලකුණු සංඛ්‍යාව 200 ක්. ඔහුගේ සියවන ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වීමද විශේෂත්වයක්. ස්ටීවන් ස්මිත් ලකුණු 85 යි. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ගැනීමට හැකිවූයේ ලකුණු 189 ක් පමණයි. ඒ අනුව මේවනවිට 
ඔස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 239 ක් ඉදිරියෙන් සිටිනවා.

මෙල්බර්න්හිදී දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.