Wednesday, May 15, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින සහ T20 තරග සඳහා ඉන්දීය සංචිතය නම් කරයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර 20 හා එක්දින ක්‍රිකට් තරඟාවලියට එක්වන ඉන්දීය ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරඟ සංඛ්‍යාව 3ක්. එම තරඟ ජනවාරි 3, 5 සහ 7 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා එක්වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ හරිදික් පාණ්ඩයාටයි. උප නායකත්වයට සූර්යකුමාර් යාදෙව් නම් කර තිබෙනවා. 

මේ අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මා විසින් දරන අතර හරිදික් පාණ්ඩයා උප නායකත්වයට පත් කර තිබෙනවා.

සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියට දිවා රාත්‍රී තරඟ තුනක් ඇතුළත්. පළමු තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනවාරි 10වනදායි. අනෙක් තරඟ දෙක ජනවාරි 12 හා 15 දිනවලදී පැවැත්වීමට නියමිතයි.