Thursday, May 16, 2024

General line - 0115112241

ඉන්දියාවේ යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ




ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව දසුන් ශානක මෙම සංචාරයේදීද  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස නම් කර තිබෙනවා.

එක්දින තරග සඳහා උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර විස්සයි විස්ස තරග සඳහා උප නායකත්වය හිමිව ඇත්තේ වනිඳු හසරංගටයි.

ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා පමණක් භානුක රාජපක්ෂ සහ නුවන් තුෂාර ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම මෙම සංචාරයේදී එක්දින තරග සඳහා පමණක් නම්කර ඇති ක්‍රීඩකයින් වන්නේ ජෙෆ්රි වැන්ඩර්සේ සහ නුවනිඳු ප්‍රනාන්දුයි.  

ශ්‍රී ලංකා සංචිතයට නම් කර ඇති සෙසු ක්‍රීඩකයන් අතර පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ අශේන් බණ්ඩාර ද අයත්. ඊට අමතරව මහේෂ් තීක්‍ෂණ, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුශාන් සහ ලහිරු කුමාරද විසි දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබෙනවා.