Thursday, May 16, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට 




දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය තවත් තරඟයක් ඉතිරිව තිබියදී 2ට 0ක් ලෙස ජය ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියාව අද සමත් වුණා. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරඟ 14කදී ජයග්‍රහණ 10ක් සමඟ ප්‍රසාද ලකුණු 131ක් හිමි කර ගනිමින් ඕස්ට්‍රේලියාව  අද 2023 ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරඟයට ආසන්නයටම පැමිණියා. 

තරඟයේ ප්‍රථමෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව ලකුණු 189කට දැවී ගිය අතර ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම අවසන් කළේ කඩුලු 8කට ලකුණු 575ක් රැස් කරගෙන සිටියදීයි. 

එහිදී සියවන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ඩේවිඩ් වෝර්නර් ලකුණු 200ක් රැස් කිරීම විශේෂත්වයක්. දකුණු අප්‍රිකාවට අද සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 204ක් පමණයි. දකුණු අප්‍රිකාව ලකුණු 200යේ සීමාව මෙලෙස පසුකර ගියේ ටෙස්ට් ඉනිම් 8කට පසු පළමු වරට වීම විශේෂත්වයක්.