Friday, May 17, 2024

General line - 0115112241

පේලේ නැතිව පාපන්දු ලෝකයම කඳුළු සලයි




පාපන්දු ලෝකයේ විශිෂ්ඨයා වන බ්‍රසීලයේ පේලේගේ අභාවය හේතුවෙන් පාපන්දු ලෝකයම දැඩි කම්පනයකට ලක්ව තිබෙනවා. සුපිරි පාපන්දු තරු පේලේගේ නික්මයාම වෙනුවෙන් සිය කණගාටුව මේ වන විටත් ප්‍රකාශයට පත්කර අවසන්.

ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියනෝල් මෙසී, පෘතුගාලයේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක නේමාර්, ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කිලියන් එම්බපේ, එංගලන්ත සුපිරි ක්‍රීඩක හැරී කේන් ද ඒ අතරට අයත්.

බ්‍රසීලයේ සුප්‍රකට ස්ථාන ද කොළ සහ කහ පැහැයෙන් වර්ණ ගැන්වීමට කටයුතු කර ඇත්තේ පේලේට කරන ගෞරවයක් ලෙසයි. රියෝද ජැනයිරෝ නුවර පිහිටි ගැලවුම්කාර ක්‍රිස්තූන්ගේ ඓතිහාසික ප්‍රතිමාව ද ඒ අතරට අයත්. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව පුරා පාපන්දු රසිකයින් පේලේගේ අභාවය සැලවීමත් සමඟ විවිධ ආකාරයේ සැමරුම් සහ උපහාර වැඩසටහන්වලට එක්ව සිටින බවය. නාසා අභ්‍යාවකාශ ආයතනය ද ඒ අතරට අයත්.

බ්‍රසීල රජය ද දින 03 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටයි මේ වන විටත් තීරණය කර ඇත්තේ. ලොව පුරා ප්‍රධාන පුවත්පත් රැසක්ම අද සිය මුල් පිටුව වෙන් කර තිබුණේද සුප්‍රකට පේලේ වෙනුවෙන්.

හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ආර්ජන්ටිනාවේ දියාගෝ මැරඩෝනා මීට වසර දෙකකට පෙර මියගිය අවස්ථාවේ හොකය පළ කරමින් පේලේ පවසා තිබුණේ “දිනක ස්වර්ගයේදී අපට පාපන්දු ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති” බවටයි.