Thursday, May 16, 2024

General line - 0115112241

සුපිරි ඉන්දීය ක්‍රීඩකයා දරුණු රිය අනතුරක




ඉන්දීය යොවුන් කඬුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් දරුණු රියඅනතුරකට ලක්ව තිබෙනව. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ අනතුරින් ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනිගෙන විනාශවී ඇති බවයි. ඉන්දියාවේ උත්තරකන්ද් ප්‍රන්තයේ, දෙහෙරාධූර් නගරයේදී අද උදෑසන මෙම අනතුර සිදුව තිබෙනවා. 

අනතුරත් සමඟ කඩිනමින් රෝහල්ගත කර ඇති රිෂාබ් පාන්ට් සැත්කමකටද ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ. අනතුරින් ඔහුගේ හිසට, පාදයට සහ පිට ප්‍රදේශයට හානි සිදුව ඇතත් මෝටර් රථය ගිණි ගැනීමෙන් ඇතිවූ කිසිදු පිලිස්සුම් තුවාලයක් නැති බව ක්‍රීඩා වාර්තාවල සඳහන්. රිෂාබ් පාන්ට්ට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඉන්දීය කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩකයින් අතර ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු වන රිෂාබ් පාන්ට් එළඹෙන ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර 20 සංචිතයට ඇතුලත් කර නැහැ.