Thursday, May 16, 2024

General line - 0115112241

නවසිලන්තය සහ පාකිස්ථාන පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පැරදුමකින් තොරව අවසන් වුණා. 

පකිස්ථාන කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 438ක්. ඉන් අනතුරුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 612ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා. 

දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට ක්‍රීඩා පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමද කඩුලු 8ක් දැවී ලකුණු 311ක් රැස් කළා. ඒ අනුව දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට තරඟය නිමා කළේ එක් කඩුල්ලක් දැවී ලකුණු 61ක් රැස් කර සිටියදීයි.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිම සඳහා නොදැවී ලකුණු 200ක් රැස් කළ කේන් විලියම්සන් තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා. දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රීකට් තරඟය ලබන දෙවනදා පකිස්ථානයේ කරච්චි හිදී පැවැත්වීමට නියමිතයි.