Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - ඉන්දියා 20 යි 20 පළමු ගැටුම අද රාත්‍රියේ




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා. දෙරට අතර පළමු විස්සයි 20 තරඟය අද රාත්‍රියේ පැවත්වෙන්නේ මුම්බායිහි “වන්කඩේ” ක්‍රීඩාංගණයේදීයි. මෙරට වේලාවෙන් රාත්‍රී 07 ට පමණ එම තරඟය පැවැත්වීමට නියමිතයි. 

ඉන්දිය කණ්ඩායමේ නායකයා වන රෝහිත් ෂර්මා සහ පළපුරුදු ක්‍රීඩකයින් වන විරාත් කෝලි, කේ එල් රාහුල්, රිෂාබ් පාන්ට්, රවීන්ද්‍ර ජඩේජා, බුවනේෂ්වර් කුමාර්, රවිචන්ද්‍රන් අෂ්වින්, ජස්ප්‍රිට් බුම්රා සහ මොහොමඩ් ෂාමි මෙම තරඟාවලිය සඳහා නම් කළ ඉන්දිය සංචිතයට ඇතුලත් වන්නේ නැහැ.

ඒ අනුව මෙම තරඟාවලියේදී ඉන්දිය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හර්දික් පාණ්ඩියාට පැවරී තිබෙනවා.

දෙරට අතර මේ දක්වා විස්සයි 20 තරඟ 26 ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 17 ක් ඉන්දියාව ජයගෙන තිබෙනවා. ශ්‍රී ලංකා කන්ඩායම ජයගෙන ඇත්තේ තරඟ 08 ක් පමණයි. එක් තරඟයක් විසදුමකින් තොරව නිමාවී තිබෙනවා.