Tuesday, March 19, 2024

General line - 0115112241

මාලඹේ සන් ලංකා වෘත්තීය පුහුණු ආයතනය මගින් භාෂා පුහුණුව ලැබූ 25 දෙනෙකුට ජපානයේ රැකියා වරම්




මාලඹේ සන් ලංකා වෘත්තීය පුහුණු ආයතනය මගින් ජපන් භාෂා පුහුණුව අවසන් කර කියෝදායි ලංකා ආයතනය මගින් විදේශ රැකියා සදහා පිටත්ව යන්නන් වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාදිමේ උත්සවය ඊයේ දහවල් විදේශ රැකියා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි පැවැත්විනි.
 
මෙම වැඩ සටහන සංඛේතවත් කරමින් 25 දෙනෙකුට පත්විම් ලිපි හා ගුවන් බලපත්‍ර ලබාදීම මෙහිදි සිදුවූයේ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙනි.
 
මේ වර්ෂයේදි ධිවර,කෘෂිකාර්මික ,ඉදිකිරිම් ,වැඩිහිටියන් බලා ගැනිම ,ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සදහා තරුණ,තරුණියන් ජපන් රැකියා සදහා යොමු කරන බව සන් ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ජනක ප්‍රියජනක විරසිංහ මහතා පැවසිය.