Thursday, May 16, 2024

General line - 0115112241

පළමු තරගයෙන් ඉන්දියාවට තියුණු ජයක්




සංචාරක ශ්‍රී ලංකා පිල සමග පැවති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 02ක තියුණු ජයක් ලැබීමට ඉන්දීය පිල සමත් වුවා.
 
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පැමිණි ඉන්දීය පිල සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස් කරනු ලැබුවා.

ඉන්දීය පිල වෙනුවෙන් දීපක් හූඩා පන්දු 23 කදී ලකුණු 41ක් සහ ඉෂන් කිෂන් පන්දු 29කදි ලකුණු 37ක් රැස් කර ගනු ලැබුවා.

ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල සිය පන්දු ඕවර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 160ක් රැස් කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක දසුන් ශානක පන්දු 27 කදී ලකුණු 45ක් සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 23ක් රැස් කරනු ලැබුවා.

ඒ අනුව තරග 03 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව ඇත.