Thursday, May 16, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහි අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ එක් වෙනස්කමක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් තරඟය ආරම්භ වන්නේ රාත්‍රී 07 ටයි.

තරඟාවලියේ පැවති පළමු තරඟයෙන් ඉන්දිය කණ්ඩායම ලකුණු 02 ක තියුණු ජයක් ලබාගත්තා. ඒ අනුව තරඟාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරඟය ශ්‍රී ලංකාව අනිවාර්්‍යයෙන් ජයගත යුතුයි. ශ්‍රී ලංකා - ඉන්දියා පන්දුවාර විස්ස තරඟාවලියට තරඟ 03 ක් ඇතුලත්. 

අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදුවනු ඇති බවට වාර්තා වනවා. ඒ අනුව කසුන් රාජිත වෙනුවට ළහිරු කුමාර ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ඇති බවටයි වාර්තා වන්නේ.