Tuesday, May 21, 2024

General line - 0115112241

භානුක වෙනුවට අවිශ්ක අද තරගයට ?




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර අද පැවැත්වෙන දෙවන පන්දුවාර විස්ස තරඟයේදී කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ඉන්දිය පිතිකරු සන්ජු සැම්සන් වෙනුවට රාහුල් ත්‍රිපාති කණ්ඩායමට කැඳවනු ඇති. එමෙන්ම උමාන් මලික් හෝ අෂ්දීප් සින් යන ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකුද අද ඉන්දිය කණ්ඩායමට කැඳවනු ඇති බවටයි වාර්තා වන්නේ. සංජු සැම්සන් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාවට එරෙහි තරඟාවලියෙන්ම ඉවත් කර තිබෙනවා. 

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමටද කසුන් රාජිත වෙනුවට ළහිරු කුමාර කැඳවීමට නියමිතයි. එමෙන්ම භානුක රාජපක්ෂ වෙනුවට බොහෝදුරට අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට කැඳවීමේ වැඩි අවස්ථාවක් ඇති බවටද වාර්තා වනවා.    

ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන පන්දුවාර විස්ස තරඟය අද රාත්‍රී 07 ට ආරම්භවීමට නියමිතයි.