Friday, May 17, 2024

General line - 0115112241

දසුන් ශානක ගෙන් ප්‍රවේගකාරී ඉණිමක් - ඉන්දියාවට ලකුණු 207ක ඉලක්කයක්




ඉන්දියාව සමග පැවැත්වෙන 02 වන විස්සයි 20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 206ක් රැස් කර ගනු ලැබුවා.
 

නායක දසුන් ශානක පන්දු 22ක් තුලදී නොදැවී ලකුණු 56 ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් 6ක් සහ හතරේ පහරවල් දෙකක් ඇතුලත් වුවා.

කුසල් මෙන්ඩිස් ලකුණු 52ක් රැස් කරනු ලැබු අතර චරිත් අසලංක ලකුණු 37ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 33ක් රැස් කරනු ලැබුවා.