Friday, May 17, 2024

General line - 0115112241

මීළඟ සැලසුම ගැන මහේෂ් තීක්ෂණ කතා කරයි




ඉන්දියාව සමඟ පැවැත්වෙන මීළඟ තරඟය ජයගෙන පන්දුවාර 20 තරඟාවලිය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ පවසනවා. ඒ, ඉන්දියාව සමඟ පැවති දෙවන පන්දුවාර 20 තරඟය ජය ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

පළමු තරඟයේදී දැඩි ප්‍රහාරයකට ලක් වූ කසුන් රාජිත ඊයේ දිනයේ විශිෂ්ට පන්දු යැවීමක නිතර වුණා. ඒ සම්බන්ධයෙන්ද මහේෂ් තීක්ෂණ මෙහිදී අදහස් පළ කළා. 

ඉන්දියා - ශ්‍රී ලංකා අවසන් පන්දුවාර 20 තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.