Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි - දසුන් ගෙන් තවත් වාර්තාවක් 




ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 03වන සහ අවසන් විස්සයි 20 තරගයේදී කාසියේ වාසිය දිනු ඉන්දීය නායක හර්දික් පාන්ඩ්යා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා.

අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ එක් වෙනස්කමක් සිදුකර තිබෙනවා. ඒ භානුක රාජපක්ෂ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවීමට තීරණය කර තිබෙනවා.

අද තරගයට ක්‍රීඩා කිරීමත් සමග ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක වාර්තා පොත් අතරට එක්වනවා. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි 20 ජාත්‍යන්තර තරග වැඩිම සංඛ්‍යාවක් (85) ක්‍රීඩා කළ ක්‍රීඩකයා බවට පත්වෙමින්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කිවේ ශ්‍රී ලංකා හිටපු වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංගයි. මාලිංග විස්සයි 20 තරග 84කදී ශ්‍රී ලංකා පිල නියෝජනය කරනු ලැබ තිබෙනවා.