Wednesday, May 1, 2024

General line - 0115112241

ඔත්තු බලන බවට බ්‍රිතාන්‍යයෙන් චීනයට චෝදනා




චීනය් නිෂ්පාදිත ඔත්තු බැලීමේ උපාංග සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඒ, බ්‍රිතාන්‍ය රජයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයින් ගමන් ගන්නා මෝටර් රථයක තිබී සැකකටයුතු උපාංගයක් හමුවීමත් සමගයි.

එය චීනයේ නිපදවූ බ්‍රිතාන්‍ය වෙත ආනයනය කල උපාංගයක් බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක හේතූන් මත සිදු කල පරීක්ෂාවකදී රජයට අයත් මෝටර් රථයක් තුළ සවිකර තිබියදී අදාළ සැකකටයුතු උපාංගය සොයා ගෙන තිබුණා.

සිම්පත් භාවිත කර ක්‍රියාකළ හැකි අදාළ උපකරණය හරහා එය සවිකර ඇති මෝටර් රථයේ ගමන් මාර්ගය, එය ස්ථානගතව ඇත්තේ කොහෙද යන්න හා නිශ්චිත ස්ථානයක සිට අදාළ මෝටර් රථය පවතින්නේ කුමන දුරකින් ද යන්න හදුනාගත හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනාවරණයත් සමග චීනයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තුළ තුළ පවතින මතභේදාත්මක තත්ත්වය තවත් උත්සන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් ඔත්තු බැලීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය එල්ල කරන චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කළා.