Sunday, May 5, 2024

General line - 0115112241

උද්ධමනයට එරෙහිව පකිස්තානයේ විරෝධතා




භාණ්ඩ හා සේවාවල මිල සීග්‍රයෙන් ඉහළ යාමට එරෙහිව පකිස්ථානයේ ප්‍රදේශ රැසක විරෝධතා ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය පවසනවා.

පවතින ශීත කාලගුණය ද නොතකා ජනතාව විරෝධතා සදහා එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පකිස්තානය තුළ තිරිගු පිටි මිල ඉහළ යාම ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල කර ඇති අතර රජයට එරෙහි විරෝධතා උත්සන්නවීමට එය හේතුවක් වී තිබෙනවා.

තිරිගු පිටිවලට අමතරව පකිස්තානය තුළ තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිළ ඉහල බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එබැවින් එදිනෙදා භාවිතයට ගන්නා ආහාර වර්ගවල මිල අඩු කර සැපයුම ඉහළ නංවන ලෙසයි විරෝධතාකරුවන් රජයට බල කර සිටින්නේ.

උද්ධමනයට එරෙහිව පකිස්ථානයේ Khyber Pakhtunkhwa පළාතේ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධාන කර තිබුණා.

එම විරෝධතා සදහා විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

තිරිගු පිටි මෙන්ම සීග්‍රයෙන් ඉහල යමින් ඇති ගිතෙල්, සීනි, ආහාර පිසින තෙල් හා කුකුළු මස් මිල අඩු කරන ලෙස විරෝධතාකරුවන් රජයට බල කර සිටිනවා.