Sunday, April 28, 2024

General line - 0115112241

ඊශ්‍රායල අගමැතිට ඉන්දියාවෙන් ආරාධනයක්




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකතනය ඔස්සේ සාකච්ඡා පවත්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යවරයා ලෙස යළි තේරී පත්වී ධූරයේ දිවුරුම්  දීමෙන් අනතුරුව නයකයින් දෙපළ අතර පැවැති පළමු දුරකතන සංවාදය එය බවයි.

එහිදී නුදුරු දිනයකදීම ඉන්දියාවේ සංචාරයක් සදහා පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හට ආරාධනා කර ඇති බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම දුරකථන සංවාදය අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය ධූරයට යළි තේරී පත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කරන බවයි.

එමෙන්ම ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර පවතින උපායමාර්ගික හවුල්කාරිත්වය තවත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් හිමිව ඇති බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී සිහිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.