Sunday, April 28, 2024

General line - 0115112241

මියන්මාර හමුදාවට චීනයෙන් ඩොලර් බිලියන 1.43 ක ආදායමක්




චීනය සමග සිදු කරන ගනුදෙනු හරහා මියන්මාරයේ හමුදා පාලනය විශාල ලෙස ආදායම් උපයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියන්මාරයේ හමුදා ජුන්ටාව එලෙස ආදායම් උපයන එක් ක්‍රමයක් වන්නේ චීනයට ස්වාභාවික ගෑස් අලෙවි කිරීමයි.

මියන්මාරයේ රකිනේ පළාතේ පවතින ස්වභාවික ගෑස් මියන්මාරයේ හමුදා ජුන්ටාව විසින් එලෙස චීනයට අලෙවි කරනවා.

චීනයට ගෑස් අලෙවි කිරීමෙන් මියන්මාරයේ හමුදා ජුන්ටාව 2022 වසරේදී පමණක්  අමෙරිකානු ඩොලර් බිලියන 1.43 උපයා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියන්මාර හමුදාව කුමන්ත්‍රණයක් මගින් එරට පාලන බලය අල්ලා ගැනීමෙන් පසුව තෙල් හා ගෑස් අලෙවියෙන් ජුන්ටාවට විශාල වශයෙන් ලාභ ගලා එමින් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මියන්මාරයේ පැවැති සෑම රජයක්ම සෑම වසරකදීම අමෙරිකානු ඩොලර් බිලියන ගණනින් යුත් අදායම් වෙනුවෙන් Rakhine පළාතේ පවතින ස්වභාවික සම්පත් චීනයට අපනයනය කරන බව සඳහන්.

කෙසේවෙතත් රකිනේ යනු මියන්මාරයේ දරිද්‍රතාවයෙන් දෙවන ස්ථානයේ පසුවන පළාත වන අතර එහි රැකියා වියුක්ති අනුපාතය ද ඉතා ඉහළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.