Tuesday, May 7, 2024

General line - 0115112241

වෛද්‍ය උපකරණ තොගයක් රැගත් ඉන්දීය ගුවන් යානයක් තුර්කියට




ඉන්දීය ගුවන් හමුදාවට අයත් C 17 වර්ගයේ ගුවන් යානයක් අද උදෑසන තුර්කිය බලා පිටත්ව ගියා.

ඒ භූමි කම්පාවෙන් විපතට පත් තුර්කි වැසියන් සඳහා අවශ්‍ය මානුෂිය ආධාර රැගෙනයි.

විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා ක්‍රියාත්මක සහන මෙහෙයුම් සමග එක්වීමට ඉන්දීය හමුදා සාමාජිකයින් 100 දෙනෙකු එම ගුවන් යානයෙන් තුර්කිය බලා පිටව ගොස් තිබෙනවා.

ඊට අමතරව වෛද්‍ය උපකරණ තොගයක් ද ඒ සමග තුර්කිය වෙත පිටත් කර හැරි බවයි ඉන්දීය ගුවන් හමුදාව පැවසුවේ.

ශල්‍ය වෛද්‍ය  විශේෂඥවරුන්, විකලාංග ශල්‍ය විශේෂඥවරුන්, සත්කාර සහන නිලධාරීන්,  වෛද්‍ය විශේෂඥයින්, දන්ත වෛද්‍ය නිලධාරීන් හා පරිපූරක වෛද්‍ය කාර්යය මණ්ඩලයක් ද ඉන්දියාවේ සිට තුර්කිය බලා පිටත්ව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊට අමතරව X - ray යන්ත්‍රයක්, වෙන්ටිලේටර් ඇතුළු උපකරණ තොගයක් ද ඉන්දියාව තුර්කිය වෙත පිටත් කර හැර තිබෙනවා.