Saturday, May 4, 2024

General line - 0115112241

ජී 20 සමුළුව සඳහා ඉන්දියාවට එන බව චීනය තහවුරු කරයි




ජී 20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වන ලෙස ඉන්දියාව කළ ඉල්ලීම චීනය පිළිගෙන තිබෙනවා. ඒ අනුව එම හමුව සඳහා සිය විදේශ අමාත්‍යවරයා සහභාගී වන බව චීනය අද තහවුරු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීන විදේශ කටයුතු අමාත්‍යංශය අද පැවසුවේ ජී 20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුව සඳහා විදේශ අමාත්‍ය චින් ගන්ග් සහභාගී වන බවයි. එම හමුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි හිදී පැවැත්වීමට නියමිතයි. මෙවර ජී 20 සමුළුවේ සභාපතිත්වය ඉන්දියාව විසින් හොබවනු ලබනවා.