Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනාවේ උපත චීනයේයි - FBI තහවුරු කරයි




කොරෝනා වෛරසය ලොවට පැමිණියේ චීනය නිසා බව අමෙරිකාව තහවුරු කරනවා.

ඒ අනුව අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ තහවුරු කළේ කොවිඩ් -19 වසංගතය ආරම්භ වූයේ චීනයේ වුහාන් හි විද්‍යාගාරයක් තුළ සිදුවූ ක්‍රියාවක නිසා බවයි.

FBI ප්‍රධානියා ඒ බව සඳහන් කළේ කොරෝනා වෛරසය ලොවට පැමිණියේ චීනයේ විද්‍යාගාරයකින් අහම්බෙන් සිදු වූ රසායනාගාර කාන්දුවකින් විය හැකි බව බුද්ධි අංශ වාර්තා පදනම් කරගනිමින් අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් අමෙරිකාවේ මෙම බුද්ධි වාර්තා චීනය තරයේ ප්‍රතික්ෂේප කරනවා.

චීනය පවසන්නේ කොරෝනා වෛරසය සම්බන්ධ වාර්තා දේශපාලනිකරණය නොවිය යුතු බවයි.