Sunday, May 5, 2024

General line - 0115112241

චීනයට වැරදුනු ප්‍රතිපත්තිය




ජනගහනය සහ උපත් අනුපාතය වාර්තා ගත ලෙස පහළ යාම හමුවේ සිය චීනය නව ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් සිටිනවා.

එහෙත් එම ප්‍රතිපත්ති අනුගමනය කිරීමට චීන වැසියන් සූදානම් නොමැති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

චීනය දශක 03 කට අධික කාලයක් එක් දරුවෙකු පමණක් යන ප්‍රතිපත්තිය දැඩිව ක්‍රියාත්මක කළා.

අනතුරුව 2016 වසරේදී එය ලිහිල් කළ අතර උපත් අනුපාතය පහළ යන බව අනාවරණ වූ වහා 2021 වසරේදී චීන රජය එරට අඹුසැමියන් හට දරුවන් තිදෙනෙකු බිහිකිරීමේ අවස්ථාව ලබා දුන්නා.

එහෙත් එම ප්‍රතිපත්තිය පිළිගැනීමට චීන කාන්තාවන් සූදානම් නොමැති බැවින් චීනයේ උපත් අනුපාතය තවදුරටත් පහළ යමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ දරුවන් බිහිකිරීමට වඩා චීන කාන්තාවන් සිය රැකියා සඳහා මුල්තැන ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.