Sunday, May 5, 2024

General line - 0115112241

තායිවානය ආක්‍රමණය ගැන චීනය දෙගිඩියාවෙන්




සාර්ථක ලෙස තායිවානය ආක්‍රමණය කිරීමට හැකිවේදැයි චීනයට සැකයක් පවතින බව අමෙරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සියේ (CIA) අධ්‍යක්ෂ විලියම් බර්න්ස් පවසනවා.

යුක්රේන යුද්ධයේදී රුසියාව ලබා ඇති අත්දැකීම් මෙම සැකයට හේතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

එහෙත් චීනය විසින් තායිවානයට එල්ල කරන තර්ජන බැරෑරුම් ලෙස සැලකිය යුතු බව ද CIA ප්‍රධානියා සඳහන් කළා.

මෙම දශකය අවසානයේදී හෝ චීනය, තායිවානයට එරෙහිව හමුදා බලය යෙදවීමේ හැකියාවක් පවතින බවයි ඔහු අනාවරණ කළේ.

2027 වසරේදී තායිවානය ආක්‍රමණය කිරීමට සූදානම් වන්නැයි චීන ජනාධිපති සී ජින්පින් එරට හමුදාවට උපදෙස් ලබා දී ඇති නමුත්, එය කුමන වසරකදී සිදුවෙතැයි යන්න එමගින් නිගමනය කළ නොහැකි බව ද CIA ප්‍රධානියා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.