Friday, April 26, 2024

General line - 0115112241

G20 සාකච්ඡා සාර්ථකයි - ඉන්දියාව කියයි




G20 රටවල විදේශ අමාත්‍යවරුන් අතර හමුව සාර්ථකව අවසන් වූ බව ඉන්දියාව පවසනවා.

G20 සමුළුවේ මෙවර සභාපතිත්වය දරණ ඉන්දියාවේ ප්‍රධානත්වයෙන් නවදිල්ලියේදී පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ හමුව මෙතෙක් පැවැති G20 රටවල විදේශ අමාත්‍යවරුන් අතර විශාලතම හමුව බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

ජාත්‍යන්තර සංවිධාන 13 ක නියෝජිතයන් අතුළුව විදෙස් නියෝජිත කණ්ඩායම් 40 ක් පමණ ඊට සහභාගී වූ බවයි ඉන්දියාව පැවසුවේ.

සාමාජික රටවලට අමතරව ආරාධිත රටවල් 09 ක විදේශ අමාත්‍යවරුන් ද හමුවට සහභාගී වූ බව ඉන්දියාව පවසනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ ගෝලීය දකුණ මෙන්ම, ත්‍රස්තවාදය පිටුදැකීම  සහ විශ්වාසනීය සැපයුම් දාම ඇතුළු ගෝලීය ආනයනය G20 විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේදී වැඩි අවධානයක් යොමුව ඇතැයි ද සඳහන්.